ප්‍රශ්න මවන ප්‍රශ්න (problems created by problems)
janakaedu.blogspot.com |
කරත්තයක වියගසේ වසා සිටින මැස්සෙකුගේ පතය
කුමක් දැයි ගණිතය ප්‍රශ්න පත්‍රයේ ඇසූ විට ජයාමිතික පත (Geometric
Loci) පිලිබඳ ඉහළම
දැණුමක් සහිත අයෙකුට උවද පිළිතුරු දීම අපහසු වන්නේ "වියගහ" යනු
කුමක්දැයි තවත් ප්‍රශ්නයක් මතුවන බැවිනි. කලුපොල් මාලුව, ගුරුරොදය, කැස්පර් වීල්, හෝ දියහොල්මන හා සම්බ්න්ධ ප්‍රශ්නයක් පහ වසර
ශිෂ්‍යයත්ව විභාගයට ඇසුවත් සිදු වන්නේ ප්‍රශ්නය තුළ තවත් ප්‍රශ්න මතු වීමය.. මුදලේ
ලක්ෂණයක් ලෙස "සාර්ව ප්‍රතිගෲහිතතාව" (universal acceptability) විස්තර කරන්න යැයි
උසස් පෙළ ආර්ථික විද්‍යාව ට විමසිය හැකිය. සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවෙදන තාක්ෂණය
ප්‍රශ්න පත්‍රයේ "පැතුරුම්පත් සැකසුම් පැකේජයක්" (spread
sheet processing package) යනු කුමක්දැයි
අසන්නේ "එකසෙල්" සම්බන්ධව ය. මේනයින් බලන විට සමාජ විද්‍යාව මනො විද්‍යාව,
හා අපරාධ විද්‍යාව
වැනි විෂයයන් ගැන කවර කතාද?
මෙසේ ඔබගේ තාර්කික කෝණයෙන් ම මාද තර්ක කරතොත් මතුවන පළමු ගැටළුව වන්නේ ඔබ භාවිතා කර ඇති,,*විෂයයන් ගැන කවර කතාද?*,,,යන්නයි.කතා ඇත්තේ කවරයේද?පැකට් එකේද?මල්ලේද? යනුවෙනුත් එවිටත් ප්‍රශ්න නැගෙනවා නේද?
ReplyDeleteඑසේම ඔබ දක්වා ඇති *,,,කරත්තයක වියගසේ වසා සිටින මැස්සෙකුගේ පතය කුමක් දැයි ගණිතය ප්‍රශ්න පත්‍රයේ ඇසූ විට ජයාමිතික පත (Geometric Loci) පිලිබඳ ඉහළම දැණුමක් සහිත අයෙකුට උවද පිළිතුරු දීම අපහසු වන්නේ "වියගහ" යනු කුමක්දැයි තවත් ප්‍රශ්නයක් මතුවන බැවිනි.*,,,යන්නෙන් ඔබ අදහස් කරන්නේ වියගහ යන පදය නොදත් කමින් ජයාමිතික පත පිලිබඳ ඉහළම දැණුමක් සහිත අයෙකුට වුවද පිළිතුරු සැපයීමට අපහසු වන බවද?
ඉතින් එය වැරදි වන්නේ ඔබ ප්‍රශ්නය හදුනාගෙන ඇති ආකාරය නිසාවෙන් මිස අනෙකක් නිසා නොවේ, සත්‍ය ලෙසම එම ප්‍රශ්නයෙන් පරීක්ෂා කිරීමට යන්නේ ඔහුගේ හෝ ඇයගේ වාග් විද්‍යාත්මක හැකියාව(වියගහ යන්නේ අර්ථය) වීනම් එය සාර්ථක ප්‍රශ්නයක් නොවන්නේ මන්ද?
ප්‍රශ්න නිර්මානය වී ඇත්තේ ඔබ ප්‍රශ්නය දෙස බලා ඇති ආකාරය නිසාවෙනි.එනිසාම මේ ප්‍රශ්න ඔබට ගැටළු බවටද පත්වී ඇත.
“සත්‍ය ලෙසම එම ප්රහශ්නයෙන් පරීක්ෂා කිරීමට යන්නේ ඔහුගේ හෝ ඇයගේ වාග් විද්‍යා ත්මක හැකියාව(වියගහ යන්නේ අර්ථය) වීනම් එය සාර්ථක ප්ර්ශ්නයක් නොවන්නේ මන්ද?” මෙය පිළිගත හැකිය. එහෙත් ගණිතය විෂයය යටතේ වාග් හැකියාව සලකා නොබලන අතර සිංහල වැනි වාග් විද්‍යාව සම්බන්ධ විෂයක ජ්‍යාමිතික පත පිළිබඳ විමසන්නේ නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රශ්න ප්‍රශ්න මවන බව ඔබට දැන් පැහැදිළි විය යුතුය. නොඑසේනම් බ්ලොග් කරණය අතහැර සාමාන්‍ය පෙළ පන්තියක වාඩිවිය යුතුය..............
ReplyDelete