හන්තාන මෙතරම් ප්රේ මණිය ඇයි?


හන්තානේ කඳු මුඳුන සිසාරා                      (ඩබ්ලිව්. ඩී. අමරදේව)

හන්තාන අඩවියේ                                          (නන්දා මාලිනි)
හන්තානට පායන සඳ                                  (අමරසිරි පීරිස්)
හන්තාන කඳු පෙළ හඳට ආවඩා                   (භද්රජී මහින්ද ජයතිලක)

හන්තාන දෙසින් එන                                           (කරැණාරත්න දිවුල්ගනේ)

Comments

  1. හන්තාන ගැන මටත් ඕනනම් සින්දු සීයක් උනත් ලියන්න පුළුවන් ඔය සින්දු වලටත් වඩා හොදට.ඔය සින්දු එකක්වත් හන්තාන ගැන ලියවුනු සින්දු නොවේ.ඒ ඔක්කොම අපේ කැම්පස් එක ගැන ලියවුනු ගීත.*හන්තාන*කියන වචනය *පේරාදෙනිය විශ්ව විද්‍යාලයට රූපකයක් ලෙසටයි භාවිත කර ඇත්තේ.ඒ ඇයි?,,,

    ReplyDelete
  2. තේජස්වී අනුරපුර පොළොන්නරු යුග සිහිපත් කරවන මල්කම් ලීයකම් වලින් අලංකරණය වූ ගොඩනැගිලි වලින් යුත් හන්තාන කඳු වළල්ලෙන් හා මහවැලි නදියෙන් වටවූ එමෙන්ම මලින් පිරී තුරු ලියෙන් ගැවසීගත් පේරාදෙණිය සරසවිය සතු මනරම් මනස්‌කාන්ත පරිසරයක්‌ ලෝකයේ කිසිම සරසවියකට නැතැයි ශ්රීයමත් අයිවර් ජෙනිංග්ස්‌ සිය The Kandy Road නම් කෘතියෙන් පවසා තිබේ.
    එබැවින් පේරාදෙණිය අලංකාර වී ඇත්තේ අඩි 4500 ක් පමණ උසින් වූ හන්තාන කඳු වලල්ලෙන් පමණක්ම නොවේ. නමුත් බොහෝ ගීත රචකයන් තමාගේ අවධානය යොමු කර ඇත්තේ හන්තාන කන්දටයි. බොහෝ ගීත වල හන්තාන යන වචනය භාවිත කර ඇත්තේ පේරාදෙනිය සරසවියට රූපකයක් ලෙස බව ඔබ සඳහන් කරයි. එය සැබෑවක් නම් මෙම ප්‍රස්තුතයන් දෙක අතර සමානකමක් හා සම්බන්ධයක් තිබිය යුතුය. සම්බන්ධයක් ඇති බව නම් නොපැවසුව මනාය. රූපකාත්මක සමානභාවය නම් ගැඹුරින් සිතා බැලිය යුතුය. මාගේ ජීවිතයේ පුරා- වසර හතරක් මහනුවර ආශ්‍රිතව ජීවත්විමට ලැබීම මා භාග්‍යක් කොට සලකමි. පේරාදෙනිය මා නිතරම ආ ගිය තැනකි. (මල් වත්තේ පෙම් කෙලීමට නොවේ) සරසවි භූමියටද මා ගිය වාර බොහෝය. හන්තාන අඩවියද දැක ඇත්තෙමි. හන්තානට පායන සඳද දැක ඇත්තෙමි.
    එහෙත් පේරාදෙනිය සරසවි භූමියේ දී ලබන ලද ෙප්ෙර්ම අත්දැකීම් නැත. ( ඔබ නම් බොහෝ ප්රේ්ම වෘත්තාන්ත වල ප්රයධාන නළුවා වූ අවස්ථා බොහෝ ඇතිවාට සැක නැත / දන්නෝ දනිති නොදන්නෝද දනිති)

    පේරාදෙනියේ හඬන පෙම්වතුන්ට අසවැසිල්ලක් දීමට හන්තානට සුදුසුකම් ඇත.
    පේරාදෙනියට අලංකාරයක් දීමට හන්තානට සුදුසුකම් ඇත.
    එහෙත් රූපකයක් වීමට නම් කිසිසේත් සුදුසුකම් නැත.
    :අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී : මෙහි :සඳ: අම්මා වීමටත් :හිරු: පියා වීමටත් තරමක හෝ සුදුකම් ඇත.
    :එහෙත් අම්මා පොතකි මම එලිපියෙහි පෑන සරී: මෙම රූපකය සාධාරණද?

    ReplyDelete
  3. පේරාදෙනිය විශ්ව විද්‍යාලය නම්වූ සුන්දර ස්ථානය වරෙක දැණුම දෙන කෙත් බිමක් සේම වරෙක ප්‍රේමය,විරහව,සොම්නස,දොම්නස ආදී නෙයෙක් ආකාරයේ චිත්ත හැගීම් හුදී ශිෂ්‍ය ප්‍රජාව කෙරේ වරින් වර එන්නත් කරන අයුරු මා ප්‍රත්‍යක්ෂයෙන්ම අත්දැක තිබේ.
    එනිසා මෙය කමෙන්ට් එකක් නොව ඔබලාවැනි උපමා ,රූපක පටලවාගත් හුදීජනයාගේ අනවබෝධය දුරුකරනු පිණිසම ලියා දක්වමි.
    1- හන්තානේ කදු මුදුන සිසාරා***මෙම ගීතයෙන් හන්තානක් ගැන කියවෙන්නේ ආරම්භය ගැනීමට පමණක්ම බව ඔබට නොතේරෙන්නේ ඇයි?ගීතයේ අන්සියලුම කාරණා පේරාදෙනිය විශ්ව විද්‍යාලය ගැන නොවේද?(නැවත වරක් ගීතය අසන්න,එවිට වැටහේවි)
    2-හන්තාන අඩවියේ*****ගීතයෙන් කියවෙන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලය ගැනම නොවේද?
    ප්‍රේමයේ සුවද හෝ වේවා නොවේවා එය ආයුත්තේ විශ්ව විද්‍යාලය දෙසින් මිස හන්තාන කන්දේ සිටද?
    3-හන්තානට පායන සද****ගීතයෙන් කියවෙන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයට පායන සද ගැන නොවන්නේද?ගීතයේ කතෘ සද ගැන අසන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිටින ඇයගේ පෙම්වතියගෙන් නොවේද?ඔහුගේ පෙම්වතිය හන්තානේ ෆයිනස් ගහක් උඩ හෝ යට සිටින්නේනම් පමණක් හන්තානට පායන හදක් ගැන ඇසුවාට වරදක් නැත.
    4-හන්තාන දෙසින් එන*****ගීතයෙන් කියවෙන සුළගක් නම් මම කවදාවත් අත්දැක නැත්තෙමි.
    පේරාදෙනිය විශ්ව විද්‍යාලය ඇත්තේ හන්තාන කන්ද පාමුල විනා හන්තාන කන්ද මුදුනේ නොවේ.අපට ලැබුනේ මහවැලි ගග දෙසින් එන සුළගයි,එම සුළං විශ්ව විද්‍යාලහ හරහා හන්තාන කදු මුදුනට ගමන් කරයි.ගල්,මුල්,ජලය වැනි ද්‍රව්‍ය නම් කන්දක ඉහල සිට පහලට ගමන් කරතත් කදු මුදුනක සිට පහලට සුළං හමන අයුරු මේ ගීත රචකයා දැක්කේ කෙසේදැයි මටනම් ගැටළුවකි.
    ***මෙසේ හන්තාන යන පදය මේ ගීතරචකයන් විසින් ගායනයේ පහසුව පිණිසම යොදා ගන්නා ලද්දක් බව එකහෙලා ප්‍රකාශකල හැක.**පේරාදෙනිය විශ්ව විද්‍යාලය**යන පරිපුර්ණ පදයම යොදාගෙන ඔවුන්ට ගීතය රචනා කල නොහැක.රචනා කලත් ගායනා කිරීමට නොහැක,අමාරුවෙන් හෝ ගායනා කලත් එය ලස්සන නැත.**හන්තාන**පදය ඩිමාන්ඩ් කිරීමේ රහස එයයි.

    ReplyDelete
    Replies
    1. ඔබ සඳහන් කළ රූපක කතාව ඔබ වසා ඇත්තේ *පේරාදෙනිය විශ්ව විද්‍යාලය යන පරිපුර්ණ පදයම යොදාගෙන ඔවුන්ට ගීතය රචනා කල නොහැක** යනුවෙන් සඳහන් කරමින්ය. පළමු අදහෙස්දී රූපකයක් වූ කාරණය ෙදවන අදහෙස්දී ගීතයට උච්ත පදය, ගීතවත් පදය, සුකෝච්චාරණය යන අරමුණ වෙනුවෙන් යොදාගෙන ඇති බවය.
      දැන් අපි රූපකය යනු කුමක්දැයි ඔබට පහදා දීම වටීයැයි සිතමි.කාව්‍යයෙහි ඉතා බහුල ව යොදා ගැනෙන අලංකාරයක් ලෙස සැලකෙන මෙය , බොහෝ විට උපමා අලංකාරයට තරමක් සමානව භාවිත වෙයි. එහෙත් උපමා අලංකාරයෙන් රූපක අලංකාරය වෙනස් වන්නේ, රූපකාලංකාරයේ දී උපමාව සහ උපමේය මෙන්, සේ, බදු, වැනි, එව් ආදි නිපාතයකින් සම්බන්ධ නොවෙ යි.
      "සඳ වත" යන්නෙහි අරුත සඳක් වැනි මුහුණ යන්නයි. මෙහි සඳ සහ වත යන්න එකක් මිස දෙකක් නො වේ

      මේ දෙකෙහි ම ස්වරූපය එක සමාන වන වගක් මින් අදහස් කෙරෙ යි. මෙය ඇතැම් තැනෙක 'වත සඳ' ලෙස ද යෙදෙ යි. "මුව පියුම" = නෙළුම් මලක් වැනි මුහුණ; යන රූපකය ද යෙදෙන්නේ ඒ ආකාරයෙන් ම ය.

      ***මෙසේ හන්තාන යන පදය මේ ගීතරචකයන් විසින් ගායනයේ පහසුව පිණිසම යොදා ගන්නා ලද්දක් බව එකහෙලා ප්‍රකාශකල හැක.**
      යනුවෙන් ඔබ සඳහන් කර ඇත. එනයින් බලන කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන කීමට හන්තාන යන වචන මාත්‍රය භාවිත නොට ඇත. එය එසේ වන්නේ නම් ප්‍රේමය ගැන කීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය වචන මාත්‍රයක් ලෙස යොදාගෙන ඇත යනුවෙන් ද සිතිය හැකිය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන පැවසීමට හන්තාන ආරම්භයක් වූවා සේම ප්‍රේමය ගැන පැවසීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භයක් වූ වා යැයි සිතිය නොහැක්කේ මන් ද?

      01) හන්තානේ කදු මුදුන සිසාරා
      මෙහි සරසවියේ වටපිටාව මැනවින් දක්වා තිබෙන්නේ තවත් අසම්පුර්ණ ප්‍රේම කතාවක් , පරිසරයේද උදවුවෙන් අසන්නාට ගෙනහැර දැක්වීමටය.

      02)හන්තාන අඩවියේ.....
      මෙහි ආදරය,විරහව වැනි තේමාවන් ඉක්මවා ගොස් සමාජ යතාර්ථය ගෙන හැර දැක්විමක් සිදු වී තිබේ.

      03)හන්හානට පායන හඳ
      උසස් පෙල අවසානයෙ සරසවි වරම් නොලැබු පෙම්වතා විසින් හන්තාන අඩවියට පිවිසි සිය පෙම්වතියට පවසන ගීතයකි.ඇයගෙ ඉදිරි අනාගතය සුවපත් කෙරුමට ඇයට ඔහු අමතක කරන්නයි කියන ඉල්ලිම ඔහු කරයි.ඔවුන්ගේ ප්‍රේමයේ අවසානය මෙයයි. ප්‍රේමය නොවෙද මෙහි දිගහැරෙන්නේ....

      *පේරාදෙණිය විශ්ව විද්යා ලය * ඩිමාන්ඩ් වීෙම් රහස එයයි.....

      Delete
  4. කැම්පස් එක ඩිමාන්ඩ් වීමේදී නම් ඔබ පවසන කාරණය ඇත්තක් බව මටද වැටහේ. නමුත් අපමා හා රූපක සම්බන්ධයෙන් නම් ඔබගේ යල්පැනගිය අදහස් හා කිසිසේත් එකග විය නොහැක.ඒ ගැන මගේ අදහස් දැන ගන්න මේ ලින්ක් එක කියවන්න http://thilakage.blogspot.com/2013/08/blog-post.html#more

    ReplyDelete

Post a Comment