වැලිවේරියය ,ෆොන්ටෙරාය සහ ග්‍රෑන්ඩ් පාසය සහිත ජීවන යාත්‍රාව
ජීවන යාත්‍රාව පැදවීමෙහි යෙදෙන මිනිසා
නිසඟයෙන්ම පිහිටි සාධු ගුණ සම්පන්නයෙකු වුව ද උත්තම වූ ගුණ ඇත්තෙම්හි වුවද
වෛරීයයෙකුගෙන් පීඩාවක් නොලබන්නෙමියි සතුරු උපද්‍රවයකට මුහුණ නොපාන්නෙමි යි ද කිසි
කලෙකත් නොසිතිය යුත්තේය. ජීවන යාත්‍රාවේ ඉතා ක්‍රඩා සිදුරකින් වුවද සාගරය ජලය එම
සිදුර ඔස්සේ ගලාගොස් යාත්‍රාව දියබත් කරන්නේය. කොතෙක් පිපාස වුවද විචාරශීලියෙක්
කසල කාණුවකින් දිය නොබොන්නේ ය. සදොස් ක්‍රියාවක් නිදොස්යැයි නොකිය යුතුය. මේ වූ
කලී ලබන ලද නිවාඩුවෙන් මා කෙරෙන් අහුරන ලද නිදහසේ දොළොස්වන දිනයයි. අංතරාජාලය
පිරික්සියෙමි. සසම්භාවී නොවන පරිවිතර්ක බොහෝය. පසෙකින් වැලිවේරියය තවත් පසෙකින්
ෆොන්ටෙරාය අහෝ! ග්‍රෑන්ඩ් පාසය අනෙක් පසේය. කවදා කෙසේ මේවා හි අවසානයක්
දකිම්ද.................... කරදිය සහිත මුහුදට වැටීමෙන් මිරිදිය සහිත ගංගාව අවසානයට
පත්වන්නේය. මුග්ද අධූරදර්ශී දුර්ජනයා නිසා රටක චිරස්ථිතිය කෙළවර
වන්නේය.........................
මුග්ද අධූරදර්ශී දුර්ජනයා නිසා රටක චිරස්ථිතිය කෙළවර වන්නේය.එය නම් සත්‍යයකි.එසේ නම් කොටතෙන ඝාතන රැල්ල නැවතුනේ ජනයා දූරදර්ශී වූ නිසාවත්ද?
ReplyDeleteමෙවන් මෝඩ කම් කිසිදිනකවත් තුරන් කල හැක්කක් නොවේ.ප්‍රශ්නය ඇත්තේ මෝඩකම් අඩුවෙන් කරන්නේ හෝ වැඩියෙන් කරන්නේ කව්රුන්ද යන්න පමණි.*ලේ දුන්නත් මොළේ දිය නොහැකි සේම මෝඩ කමට බෙහෙතක් නැතිවාක් සේම* මේ සදහා කරන්නට කිසිවක් නොමැතිබව ඔබට වැටහෙන්නේ නොමැත්තේ මන්ද?
එනිසා ඔබට දඩුවමක් ලෙස ,රතුපස්වල ප්‍රෙදේශයේ ජලයෙන් සාදා ගන්නා ලද ඇන්කර් කිරි වීදුරුවක් පානය කරන ලෙසට මා ඔබට යෝජනා කරමි.,,,,
එම දඬුවමට කැමැත්තෙමි මන්ද යත්.............................
Deleteසංශුද්ධ ජලයේ කාමර උෂ්ණතිවයේ දී pH අගය 7 කි. එයින් නිරූපණය වන්නේ ආම්ලික හෝ භාෂ්මික නොවන තත්වයයි. කෙසේ වෙතත් pH අගය 6.5 ත් 8.5 අතර පරාසයක පවත්නා ජලය බීමට සුදුසු වන්නේය. තෙත් කලාපයේ ලැටරයිටි පස සහිත ප්රදේශ වල භූගත ජලයේ pH අගය ස්වාභාවිකවම තරමක් අඩුය. රතු පස්වල ජල සාම්පල වලින් 90%ක පමණ pH අගය පැවතියේ 4.5 සිට 6 දක්වා පරාසයක බව ජල සම්පාදන මණ්ඩලය මෙන්ම මධ්යපම පරිසර අධිකාරිය ද පෙන්වා දී ඇත්තේය. මෙවන් සුළු අඩුවීමක් උදෙසා වන මෙම කළබලය ලංකාවේ මිනිසුන්ගේ සාමාන්යස ගති ස්වභාවයක්දැයි මට සිතේ. තමා වටා විශාල පිරිසක් සිටින නිසා ඇතිවන අධි මානසික තත්වය නිසා මිනිසුන් මෙවන් ඛේදනීය තත්වයන් වෙත යොමු වේ. (කොට කෙතන සිද්ධියද මෙසේමය) එබැවින් රතුපසුවල සිද්ධිය මෙතරම් දුරුදිග යා යුත්තක් දැයි ප්රස්නයක් නැගේ............ එම නිසා එම ප්රදේශයේ ජලයෙන් කිරි හැදීමට මා එකඟ වෙමි.
කිරිපිටිවල සාමාන්යෙ ප්රෝටීන පරයි මාණය ගණනය කරනුයේ එහි ඇති නයිට්රජන් අණුවලට සාපේක්ෂව වේ. යම් හෙයකින් නයිට්රජන් පරමාණු සහිත වෙනත් ද්රව්යයක් මෙම ස්වභාවික සාම්පලයකට මුසු වී ඇත්නම් එම ද්රව්යයේ සියළු නයිට්රජන් අණුවල පර් යමාණයද මෙම කර්වභමය මගින් ප්රක්ෂේපනය වනු ඇත. එවිට සම්මත ප්රෝටීන නයිට්රජන් අණු අනුපාතයට ගණනය කරන ප්රෝ ටීන පරරමාමාණය වැරදි අගයක් ගන්නේය. එසේ නැතහොත් ප්‍රෝටීන නොවන වෙනත් නයිට්රජන් සහිත ද්රවයයක් පමණක් අඩංගු ද්රකව්ය.යක් මෙම පරීක්ෂණයට ලක්කළද එහි නයිට්රජන් පරවන මාණය මැනගත හැක. යම් අයකු එම ද්රකව්ය.යේ ප්රෝටීන ඇති යයි උපකල්පනය කළහොත් ප්රෝටීන සම්මත නයිට්රජන් පරමැ තිශතයේ මෙම නයිට්රජන් අගය වැඩිකර උපකල්පිත ප්රෝටීන පරි මාණ ගණනය කළ හැක.
එහෙත් එය උපකල්පිත ප්රෝටීන පරාණ මාණයක් මිස සත්යය ප්රෝටීන පර්ය මාණය නොවේ.
ගන්ධයෙන්, රසයෙන් තොර ජලයේ දියවන නැතහොත් ම්ස්ර කළ පසු සොයාගත නොහැකි ක්ෂණිකව විස නොවන ද්රව්යප Melamine හා Dicyandiamide වැනි රසායන ද්රව්යි කිරිපිටි වලට කලවම් කිරීම පටන්ගෙන ඇත.මෙය ක්ෂණීකව විෂ නොවන නිසා ඇන්කර් බීමටද කැමැත්තෙමි.
එම නිසා ඔබ සඳහන් කළ දඩුවම දඩුවමක් නොව වරප්‍රසාදයක් ම වන්නේය.............
(ඇතැම් වචන වල අක්ෂර වින්යාමසය නිවැරදි නොවීම පරිගණක දෝෂයකි)
රතුපස්වල(රතුපාට පස්වල)ph අගය අඩුවීම නම් ඔබට අනුව සාමාන්‍ය දෙයක් සේ පෙනේ.නමුත් ගම්පහ වැනි ප්‍රෙදේශයක එවන් තත්ත්වයක් කෙසේවත් විය නොහැක.(ජලසම්පාදන මණ්ඩලය දන්න දෙයක් තියනවද?)
ReplyDeleteඑසේම මා යෝජනා කල දඩුවම ඔබ වරප්‍රසාදයක් සේ සලකා ඇත.එසේ වන්නේ කෙසේද?**මෙය ක්ෂණීකව විෂ නොවන නිසා ඇන්කර් බීමටද කැමැත්තෙමි.**යනුවෙන් ඔබ දක්වා ඇත.එයින් ඔබ අදහස් කරන්නේ ඔබට විෂ ලෙස හැගෙන්නේ ක්ෂණිකව විෂ වන ඒවා පමණක් බවද?
අනිත් කරුණ නම් ඔබගේ කමෙන්ට් එක තුළ ලිපියට වඩා වැදගත් බොහෝ දේ අන්තර්ගතව ඇති අතර කමෙන් එක ලිපිය ලෙස පල කර ඔබගේ ලිපිය delete කරන ලෙස නිහතමානීව යෝජනා කර සිටිමි.
එසේම **ගුරුන්ටත් අකුරු වරදියි**යන කතාව ඉතාම හොදින් මා දන්නා නමුදු පරිඝණකය නිසා ඔබට අකුරු වැරදී ඇති බව අසා වික්ෂිප්ත වූයෙමි.,,,,,
ෙප්රා ෙදනිෙය සරසවිෙය්දී ගිරිවා දැමීෙමන් Grade Point Average හරහා ඔබට ෙද්. වි. Class එකක් අැති බව සැබෑය. එෙහයින් ඔබ කරන ෙයා්ජනාව පිළිබඳ සළකා බලමි. මා එෙස් කරන්ෙන් එම කාරණය නිසාම ෙනාෙව්.... ඔබ ලංකාෙව් පට්ටම පට්ට ඉස්ෙකාෙලක (ෙනානැසී) වැඩකරන බැවිනි...
ReplyDeleteඔබගේ නිහතමාණී කමෙන්ට් එක ඊටත්වඩා නිහතමාණීව අගය කරමි.කෙසේ නමුත් එවන් උපාධියක් ලබා ගත්තේ මෙවන් පාසැලක සේවය කිරීමට බව සිහිනෙකින් වත් නොසිතුවෙමි.ඔබද එම පාසලේ මටත් වඩා කාලයක් සේවය කර ඇතිනිසා තරමක් හෝ සිත හදා ගත හැකි තත්ත්වයක් පවතී.
ReplyDeleteඋපාධි ගන්න කැත කතන්දරේ රැග් හුටපට නිසා කාටත් අමතකයි.අපි කොච්චර හොදට රිසාල්ට් ගත්තත් ස්ටාෆ් යන්නේ කෙල්ලො විතරයි.නිකම්ම ජෙනරල් ඩිග්රිය නෝමල් පාස් එකක් තියෙන උන්ට පත්වීම් ජාතික පාසැල් වල.ස්ට්‍රයික් කරන්න අපිව කඩේ යවපු සින්නොයි,බැජාලයි දැන් යූ එන් පී එකෙන් ඡන්දෙ ඉල්ලනවා.ඒ කාලෙ අපේ අසහාය කථිකයා විමල් අද ජේ වී පී එකට බනිනවා.එකට හිටපු රූමලා දැන් බොරුවට පොරටෝක් දෙනවා.එදා හිව් වෙලා එකටම හිටිය උන් දැන් වෙ එවුන් කසාද බැදලා,බැජ්එකේ හිටිය හාමුදුරු වරුන්ගෙන් ගොඩක් අය දැන් එල කොල්ලො වෙලා.ඔන්න ඕකයි සහෝ අපේ ලංකාවෙ අධ්‍යාපනේ අවුල.
ඉතින් අපි දෙන්නවත් එකම ඉස්කෝලේ එකට වැඩකරපු නිසා තරහනොවී ඉමු හොදේ,,,,