තො.තා. උභතෝකෝටිකය (The IT Dilemma)
ලොකයේ උතුම්ම වෘත්තිය
ගුරු වෘත්තිය බව නොරහසකි. ඉන්ජිනේරුවන්, ෙවෙදයවරුන්
පවා බිහිවන්නේ ගුරුවරුන්ගේ මග පෙන්වීම නිසාය. මෙම ගෞරවනීය වෘත්තියට වෘත්තීකයන් ලෙස
ඇතුලත් වීමට ලැබෙන්නෙද පෙර පිනකිනි. සමජයේ
බොහොදෙනා ගුරුවෘත්තිය දකින්නේ ඉතා නිදහස් ලෙහෙසි පහසු කාර්යයක් ලෙසය. දන්නෝ නම්
මෙහි ඇත්ත ඇති සැටියෙන්ම දනිති. දින සටහන්, වාරසටහන්, විෂය ප්‍රතිපත්ති, චක්‍රලේඛ, පාසල්පාදක
ඇගයීම්, ප්‍රමිත, ප්‍රතිපත්ති, ව්‍යාපෘති, වැඩසටහන්, කාර්්‍ය සාධන, විෂය නිර්දේශාවරණය, විෂය සමගාමී, විෂය භාහිර
කටයුතු, විගණන විමසුම් ආදී
සියල්ල පවතින්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියවලියේ යහ පැවෙත්මට බව සත්්යයකි. ඒ සියලු
කාර්යන් සමග කිසිඳු ගුරුවරයෙකුට නොමැති අමතර රාජකාරියක් තොරතුරු තාක්ෂණ ගුරුවරුනට
පැවරේ. එනම් පාසල් පරිගණක විද්‍යාගාරය නඩත්තු කරගෙන යාමයි. අමතර පන්ති පවත්වා මුදල් උපයා විදුලි බිල ගෙවිය
යුතුය. මුදල් අය කළ යුත්තේද චක්‍රලෙඛ ප්‍රාකාරව පැයකට රුපියල් තිහක උපරිමයකට
යටත්වය. විදුලි බල මන්ඩලයද විදුලිබිල සකසන්නේ වයාපාරික බිලක් සේ සලකාය. එවිට මුදල
තවත් වැඩි වේ. මුදල් අයකිරීමෙදී,
ගිනුම්ගත
කිරීමෙදී හා විදුලිබිල් ගෙවීමේදීද නීතිමය ක්රියදාමයකට යටත්ව ඉතා පරිස්සමෙන් කළ
යුතුය. ලොග්පොත, දිනපතා භාවිතය සටහන්
පොත, වාර්ෂික හා මාසික
වාර්තා ඇතුලු තවත් වාර්තා පවත්වගෙන යන අතරම විෂය කාන්ඩයේ සෙසු විෂයන් හා සමාන්තර
නොවන බැරෑරුම් විෂයක ප්‍රතිඵල පෙන්විය යුතුය.
හිතවත් සහෘදය.මෙයනම් අහඹුසිතුවිල්ලක් නොව පට්ට සැබෑවක්ම බව පැවසුව මනාය.අධ්‍යාපන ඇමතියාගේ සිට පාසැල් සංවර්ධන සමිතියේ දෙමව්පියන් දක්වාත් ඉන් නොනැවතී ගමේ තැන තැන සිට්න පණ්ඩිත ගොබ්බයන් සියල්ලම පාසැල් ගුරැවරැන්ට නොමිලේ අධ්‍යාපන ඩිප්ලෝමා පවත්වති(තරග විභාග නැත මුදල්ද අවශ්‍යනැත).
ReplyDeleteසියලුනො එක්ව අපට උගන්වන කල්හි ළමයින්ට ඉගැන්වීමට අපට සිදුවීම එක් අතකින් බලන විට විලිහිරිකතය.ළමයා විභාගය ෆේල්වුනොත් සමහර දෙමව්පියන්ට පට්ට ආතල්ය.පාසැල් ගුරැවරයා සිටින්නේ බැනුම් ඇසීමට පමණද.?(ට්යුෂන් ගුරැවරයා නම් ඉගැන්වීමටම උපන් අයෙකි).ළමයින් සමත්වුනොත් ඒ ටියුෂන් එකෙනි.ෆේල් වුනොත් පාසලේ වරදෙනි.නිදහස් අධ්‍යාපනයට ජයවේවා.හුරේ...හු..(සොරි)
සබසකි සබඳ සබසකි. වැලිදු එකෙක් ඇත. එනම් පහත් තැනින් යයි ගලා ජලේ වේගයෙන් පහත් තැනින් යයි ගලා ජලේ...
Deleteඑකසිය ගානට ප්‍රීතී ප්‍රීතී.තා මෙවන් දුක්ඛිත බස් තෙපලන්නේ කවර නම් විදුහලක අත්දැකීම් ආනුභාවයෙන් දැයි මටනම් නොවැටහේ.එවන් තැනක ගුරැ කෙසේනම් වසම්ද?උක්ත පරිසරය පට්ට චාටර් යැයි හගිමි.කලාප හෝ පළිත් භවනට වහා සැලකරව
ReplyDeleteසුදෝ සුදු වතින් සැර්සීගත් ශාන්ත කථන විලාෂයක් ඇත්තාවූ චන්ඩ හස්ති අස්ස මිඝ ගෝන කුක්කුර සූකර ම්හීෂ යක්ඛ රාක්ෂාදීන් ගෙන් සැදුනා වූ මිනිසුන් මෙන්ම සුපැවතුම් ඇත්තාවූ අතලොස්සකගෙන්ද සමන්විත ප්‍රදෙශයක පවතින එක්තරා පාසලකි සබඳ.....
ReplyDelete